අපගේ දැක්ම

ආර්ථික සංවර්ධනයෙන් හා සමාජ සාරධර්ම වලින් පිරිපුන් වලව මිටියාවතේ ජනතා පැතුම් ඉටුවන යුගයක් කරා 

අපගේ මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්ති වලට අනුකූලව සේවා සැපයීම, සම්පත් සම්බන්ධීකරණය හා ජනතා සහභාගීත්වයෙන් යුත් කාර්යක්ෂම, තිරසාර හා සැළසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් තුලින් ප්‍රදේශයේ ජන දිවිය නංවාලීම  
 කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය

     රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පරිපාලන කොට්ඨාසයක් වන කල්තොට, ග්‍රාම නිලධාරි වසම් දොළොසකින් යුක්ත වේ. මෙම කොට්ඨාසය පුරාවිද්‍යා වටිනාකම් බොහෝමයකින් හා ඉතා මනරම් ස්වභාවික ස්ථාන වලින් සමන්විතය. කූරගල පුදබිම, බුදුගල පුදබිම හා මංකර දේවාලය ඓතිහාසික වටිනාකමක් කොට්ඨාසයට එක් කරන අතර දූවිලි ඇල්ල, හුණුගල් පොකුණ, දියවිනි ඇල්ල, වලවේ ගඟ හා කටුපත් ඔය ස්වභා සෞන්දර්ය ඉස්මතු කිරීමට සමත් වී ඇත. 

duvili ella hunugal pokuna hunugal pokuna walawe river

  

කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට ප්‍රවේශ වීම

කොළඹ සිට බදුල්ල මාර්ගයේ කිලෝ මීටර් 144 ක් බලංගොඩට පැමිණි පසු කල්තොට මාර්ගයේ කිලෝමිටර් 30 ක් පැමිණ හා කතරගම සිට බලංගොඩ මාර්ගයේ තණමල්විල සිට කිලෝමීටර් 45 ක් පැමිණි විට ද කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට ප්‍රවේශ විය හැකිය. රත්නපුර නගරයේ සිට කිලෝමිටර් 75 ක දුරින් කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත.

කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටීම

ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් පිහිටි රත්නපුර දිස්ත්‍රික්කයේ දකුණු සීමාවට අයත් අන්තර් දේශගුණික කලාපයට කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය අයත් වේ. මුහුදු මට්ටමේ සිට මීටර් 272.1 ක උසකින් පිහිටා ඇත. ග්‍රාම නිලධාරි වසම් 12 කින් සමන්විත කල්තොට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය වර්ග කිලෝමීටර් 90.234 ක වපසරියකින් යුත් භූමි භාගයක පිහිටා ඇත. උතුරු දෙසින් වලවේ ගඟින් හා හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද නැගෙනහිර දෙසින් වලවේ ගඟෙන් හා වේළිඔයෙන් මායිම් වන මොණරාගල දිස්ත්‍රික්කයේ කොටවෙහෙරමංකඩ ග්‍රාම නිලධාරි වසමෙන්ද දකුණු දෙසින් වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන්ද බටහිර දෙසින් බළන්ගොඩ හා වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලින්ද මායිම්ව පිහිටා ඇත.

කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ භූ විෂමතාවය

කල්තොට කොට්ඨාසයේ භූ විෂමතාවය සැලකිල්ලට ගැනීමේ දී එය උස් කඳුකරයට මායිම් වී ඇති මධ්‍යම කඳුකරයේ දකුණු වේදිකාව වේ. මුහුදු මට්ටමින් අඩි 200 කට වැඩි උසකින් යුත් පෙදෙස් ද අඩි 1000 - 1500 ත් අතර මධ්‍යම සානු වලින් ද අඩි 200 ට අඩු පහත් තැනිතලාවෙන් ද යුක්ත ප්‍රධාන භූමි ප්‍රදේශ තුනක් හඳුනා ගත හැකිය.මුළු භූමි ප්‍රමාණයෙන් 75% ක් අයත් වන්නේ අඩි 200 - 1000 ත් අතර ප්‍රදේශයට ය. මේ අනුව මෙම කොට්ඨාසය බටහිර දෙසට උස් කඳුකරයේ සිට නැගෙනහිර දක්වා ක්‍රමයෙන් බෑවුම් වන ආකාරයට පිහිටි බිම් තිරුවක් ලෙස දැක්විය හැකිය. කොට්ඨාසයේ උතුරු සීමාව හා නැගෙනහිර සීමාව සලකුණු කරමින් බැස යන වළවේ ගඟ කොට්ඨාසයේ ප්‍රධාන ජල මූලාශ්‍රගත ගංගාවයි. වළවේ ගඟ පහළ දී ප්‍රධාන අතු ගංගාවක් සම්බන්ධ වේ. මධ්‍යම කඳුකරයේ දක්ෂිණ කොට‍සේ ආරම්භය ලෙස පිහිටා ඇති කල්තොට ශ්‍රී ලංකාවේ දෙවැනි අඩතැනි කලාපයට අයත් වන අතර එය උග්ගල් කල්තොට මොහොර මගින් පළමු අඩතැනි කලාපයෙන් වෙන් වේ.කල්තොට ප්‍රදේශයේ මෙම සුවිශේෂ ලක්ෂණය හල්දුම්මුල්ල බෙරගල කඳු මුදුන සිට බලන්නෙකුට පැහැදිලිව දැක ගත හැකිය. ශ්‍රී ලංකාවේ අග්නිදිග මහා තැනිතලා ප්‍රදේශය කල්තොට හා ඇඹිලිපිටිය ප්‍රදේශවලින් ආරම්භ වී දකුණු මුහුදු තීරය දක්වා ක්‍රමයෙන් පැතිර යයි. ඒ හැරුණු විට මෙම ප්‍රදේශය මැණික් කර්මාන්තය අතින් ද ප්‍රසිද්ධ වීමට ඉහත ප්‍රපාතාකාර භූමි ලක්ෂණ ප්‍රධාන වශයෙන් හේතු සාධක වී ඇත.

කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දේශගුණය

නිරිතදිග තෙත් කලාපයේ පිහිටා ඇති මෙම ප්‍රදේශයේ භෞතික පරිසරයේ බලපෑම නිසා අසාමාන්‍ය දේශගුණික ලක්ෂණ පෙන්නුම් කරයි. කොට්ඨාශයේ තැනිතලා ප්‍රදේශය වන මොලමුර, කල්තොට, වැලිපතයාය, දියවින්න, මැදබැද්ද, උග්ගල් කල්තොට වම් ඉවුර වම හා දකුණ අන්තර් වියළි කලාපීය දේශගුණයක් පවති. කොට්ඨාශයේ වැඩි ප්‍රදේශයක් තුල වාර්ෂික උෂ්ණත්වය ප්‍රධාන වශයෙන් සෙල්සියස් අංශක 25 ක් පමණ ය. කල්තොට, මැදබැද්ද, දියවින්න වසම් වියළි ප්‍රදේශයේ උෂ්ණ කාලසිමාවේ දී උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 දක්වා වන බව සඳහන් කළ යුතුය. මධ්‍ය උෂ්ණත්වය ප්‍රදේශයේ විවිධත්වයෙන් යුතු අතර එය 20 0 C - 26 0 C අතර වේ. භෞතික පරිසරයේ බලපෑම නිසා අසාමාන්‍ය දේශගුණික ලක්ෂණ කොට්ඨාසය පුරා පෙන්නුම් කරන හෙයින් ප්‍රාදේශිය වශයෙන් විවිධ කෘෂි උද්භිත කලාපවලින් ද සමන්විත වේ. ඒ අනුව තෙත් කලාප මැද කොටස, තෙත් කලාප උඩ කොටස, අන්තර් කලාපය මධ්‍ය කොටස යන කොටස් වලට අයත් කලාප වලින් යුක්ත ය.

කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වර්ෂාපතනය

කොට්ඨාසයේ වැඩි කොටසකට නිරතදිග මෝසම් සුළං මගින් වර්ෂාව ලැබේ. වාර්ෂික වර්ෂාපතනය භෞතික පිහිටිම අනුව මිලි මීටර් 1500 සිට 2500 දක්වා වේ. ප්‍රදේශයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලි මීටර් 1500 - 2500 ත් අතර වේ. දකුණු ප්‍රදේශය වන විට මිලි මීටර් 1500 - 2000 ට අඩු වර්ෂාපතනයක් කල්තොට, මැදබැද්ද, කුරගල යන ප්‍රදේශවලට ලැබේ. ඔක්තෝම්බර්, නොවැම්බර්, මාර්තු, අප්‍රේල් මාසවල දී අධික වර්ෂාපතනය ලැබෙන අතර වියළි තත්ත්වය ජූලි, අගෝස්තු මාසවල පවති. රත්නපුර දිස්ත්‍රික්කය වර්ෂාපතන රටාව අනුව සෘතු හතරකට බෙදා දැක්විය හැකිය. එනම්, වසන්ත සංවහන වර්ෂා කාලය (මාර්තු, අප්‍රේල් මාස) නිරිතදිග මෝසම් සෘතුව (ජූනි - සැප්තැම්බර්) සරත් සංවහන වාසුළි සෘතුව (සැප්තැම්බර් අග සිට ජනවාරි අග දක්වා) ඊසානදිග මෝසම් කාලය (නොවැම්බර් සිට ජනවාරි අග දක්වා)

කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක පසුබිම

අනුරාධපුර යුගයට අයත් බ්‍රාහ්මීය අක්ෂර ගණයට වැටෙන අක්ෂරවලින් යුතු සෙල්ලිපි කල්තොට ප්‍රදේශයෙන්ද ලැබී ඇති අතර එම ප්‍රදේශය අවට ඇති අනෙකුත් නටබුන්වලින් කල්තොට ප්‍රදේශයේ ඓතිහාසික වටිනාකම පැහැදිලි වේ. කූරගල, බුදුගල පධානඝර ආරණ්‍ය භූමිය, ප්‍රදේශයේ පැරණි දාගැබ් ගොඩැල්ලක්, තන්ජන්තැන්න ඉපැරණි ගල්ටැම් යාය, බුදුගල රජ මහා විහාරය ආදිය සඳහන් කළ හැකිය.

Galtamyaya01 Galtamyaya02 Kuragala Budugala

KLDS Map

News & Events

23
Jul2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
Apr2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

News & Events

23
Jul2026
ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන් චක්‍රලේඛය

ජනාධිපති කාර්යාලය විසින් යොමු කරන ලද සුපිළිපන්...

26
Apr2017
අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල

අභිමානවත් 73 වන ජාතික නිදහස් දින සැමරුම්...

26
Apr2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද?

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

26
Apr2017
ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න බැරි වුණාද? (3)

ග්‍රාම නිලධාරීගේ දුරකතන අංකය තාම හොයා ගන්න...

Scroll To Top